29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅපනයනය ඉලක්ක කරගත් ස්ට්‍රෝබෙරි වගාවකට අනුමැතිය

අපනයනය ඉලක්ක කරගත් ස්ට්‍රෝබෙරි වගාවකට අනුමැතිය

අපනයනය පදනම් කර ගත් ස්ට්‍රොබෙරි වගාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබේ.

දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකටයි මෙලෙස අනුමැතිය ලැබී ඇත්තේ.

නව තාක්ෂණය යොදා ගැනීම මගින් ස්ට්‍රොබෙරි වගා කළහොත් වසරකට හෙක්ටෙයාර් එකකින් ඇමරිකන් ඩොලර් 117,600 ආදායමක් උපයා ගැනිමට හැකි බව අමාත්‍යාංශය පවසයි.

මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළියේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම්වලින් හෙක්ටෙයාර් එකක් පළමු අදියර යටතේ දීමට එකඟ වී ඇති අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉන්පසු අවශ්‍ය වුවහොත් හෙක්ටෙයාර් 10ක් දක්වා ස්ට්‍රොබෙරි වගාව සඳහා ලබා දිය හැකි බවයි.