29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයවැය දෙවන වර කියවීමේ විවාදය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

2024 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (14) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

මෙම විවාදය ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේ.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 අඟහරුවාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වැනිදා සිට දින 19ක කාලයක් පැවැත්වෙන අතර, අනතුරුව දෙසැම්බර් 13 වැනිදා පස්වරු 6.00ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

2024 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය මුදල් ආමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.