― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඋද්ධමනය අඩුවුණේ 2023 අයවැය නිසා - සියඹලාපිටිය

උද්ධමනය අඩුවුණේ 2023 අයවැය නිසා – සියඹලාපිටිය

රටේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවුණේ 2023 අයවැය ලේඛනය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද ( 14) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය වැදගත්. විස්තරාත්මක පිළිතුරක් පසුව දෙනවා. රටේ උද්ධමනය අඩුවුණේ 2023 එම අයවැය යෝජනා ක්‍රියාත්මකවූ නිසයි. බදු ආදායමේ සියයට 48 ක වර්ධනයක් ඇතිවුණා. සියලු ධනාත්මක කරුණුවල අයිතිය 2023 අයවැය ලේඛනයට හිමිවෙනවා.”