26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකාසල්රී, මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

කාසල්රී, මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා.

මේ සමග ඊට අදාළ ජල විදුලි බලාගාරවල උපරිම ධාරිතාවෙන් විදුලිය උත්පාදනය කිරීමේ හැකියාවක් ඇති බවයි විදුලි බලාගාර ඉංජිනේරුවරුන් පැවසුවේ.

කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශ දෙකේ ම ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා.

කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 2.9 ක් සහ මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3ක් වශයෙන් ආසන්න වී ඇති බවත්, ජලාශයන් දෙකේම ජල මට්ටම 95%කට වඩා වැඩි වී ඇති නිසා විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කළා.