27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියේ සේවකයෙකුගේ මළ සිරුරක්

ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියේ සේවකයෙකුගේ මළ සිරුරක්

ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ එහි සේවකයෙකු මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ එම කාර්යාලයේ, කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක්.

දෙදරු පියෙකු වන මෙම පුද්ගලයා ගම්පොළ, රත්මල්කඩුව ප්‍රදේශ පදිංචි 44 හැවිරිදි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා ඊයේ (13) දින රාජකාරිය සඳහා කාර්යාලයට පැමිණ ඇති අතර පෙරවරු 10.00 පමණ සිය ඔහු කාර්යාලය තුළ දකින්නට සිටි නොමැති බවයි වාර්තා වන්නේ.

පසුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කර ඇති අතර ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදුන්න ද ඒ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

අනතුරුව එම කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඔහු සෙවීම ආරම්භ කර ඇති අතර එහිදී පස්වරු 4.00ට පමණ කාර්යාලය ඇතුළේ ඇති වැසිකිළිය පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයාගේ එහි වැටී මියගොස් ඇති ආකාරය දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර ගම්පොල හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකර සිරුර ගම්පොළ රෝහල වෙත යොමු කර තිබෙනවා.

අද (14) දිනයේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.