― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගොඩනැගිලි 14,225ක් නාය යාමේ අධි අවදානමේ

ගොඩනැගිලි 14,225ක් නාය යාමේ අධි අවදානමේ

දිස්ත්‍රික්ක 06ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඕපනායක, ගොඩකවෙල, කුරුවිට, ඉඹුල්පේ, වැලිගෙපොල, ඇලපාත, රත්නපුර, ඇහැලියගොඩ, කොලොන්න සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ නායයාම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි.

බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර 01 යටතේ ද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

මේ අතර දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14, 225ක් නාය යාමේ අධි අවදානමේ පවතින බව හඳුනාගෙන තිබේ.

නායයාම් හා අපාදා කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් සඳහන් කළේ, නිවාස 5000ක පමණ ජනතාව ඉවත් කර ඇති බවයි.

නායයෑමේ අවදානම් සහිත ස්ථානවලින් පුද්ගලයින් 50,000ක් පමණ ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මාතර, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව එලෙස ඉවත් කර තිබේ.