23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෝඨාගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ රෙගුලාසි වලංගු නැහැ

ගෝඨාගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ රෙගුලාසි වලංගු නැහැ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද 2021 අංක 01 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ රෙගුලාසි නිත්‍යානුකූල ව වලංගු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබෙනවා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්යසෝති සරවනමුත්තු, ශ්‍රීන් සරූර් සහ අම්බිකා සත්කුනනාදන් විසින් එම රෙගුලාසිවලට එරෙහි ව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දැනුම්දී තිබුණේ.

බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළා.

පෙත්සම්කරුවන්ට රුපියල් 25,000 බැගින් වූ පෙත්සම් ගාස්තුවක් ගෙවන ලෙසටද රජය නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.