29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති අයවැයෙන් අපිව ඩිස්නිලන්තයට රැගෙන ගියා

ජනපති අයවැයෙන් අපිව ඩිස්නිලන්තයට රැගෙන ගියා

ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් අපව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක රැගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (14) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වනවිට ලංකාවේ පවුල් ලක්ෂ හයකට වඩා විදුලිය විසන්ධි කර තිබෙන බවයි.

වේල් තුනක් කාපු ගෙවල්වල අද කන්නේ වේල් දෙකක් බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ අද බත් පිඟන්වල මාළු කෑල්ලක් තබා කරවල කෑල්ලක්වත් නොමැති බවයි.

රට බංකොලොත් කිරීමේ වරද විපක්ෂයට පැටවිය නොහැකි බවත් රට බංකොලොත් කරපු අය තාම ඉන්නේ ඇතුලේ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.