29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිපෝෂ පැකට් 750ක් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ත්‍රිපෝෂ පැකට් 750ක් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

මඩකලපුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක මැදිරියකට කඩා වැදී ත්‍රිපෝෂ පැකට් 750ක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව මූලස්ථාන පොලිසිය පැවසුවේ මෙම ත්‍රිපෝෂ පැකට් කොළඹ සිට මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයට භාණ්ඩ ප්‍රවාහන දුම්රියෙන් එවා ඇති බවයි.

පසුගිය 05 වැනිදා මොවුන් දෙදෙනා මඩකලපුව දුම්රිය ස්ථානයට පැමිණ එහි නතර කර තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියට කඩා වැදී එහි තිබූ ත්‍රිපෝෂ පැකට් 750ක් සොරාගෙන තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 07 වැනිදාදා පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව සිදුකළ පොලිස් විමර්ශනවලදී පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රිපෝෂ මළු අලෙවි කරන බවට අනාවරණය වූ අතර ප්‍රාදේශීය මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ නිවාරණ ඒකකය පෙරේදා (12) වැටලීමක් සිදු කළා.

එම වැටලීමේදී මෙලෙස ත්‍රිපෝෂ අලෙවි කළ 30 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි ත්‍රිපෝෂ බෑග් සොයාගන්නට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.