30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැරියකට හදි කළ අයෙක්ට වසර 30ක සිර දඬුවමක්

දැරියකට හදි කළ අයෙක්ට වසර 30ක සිර දඬුවමක්

දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට මහනුවර මහාධිකරණය විසින් වසර 30ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

අදාළ පුද්ගලයා විසින් මීට වසර 16 කට පමණ පෙරයි මෙම දැරිය අපයෝජනයට ලක් කර ඇත්තේ.

මෙලෙස සිර දඩුවම් නියම වූයේ මහනුවර කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකුටයි.

සැකකරුට එරෙහිව ඉදිරිපත්ව තිබූ අධිචෝදනා 03ටම වරදකරු වීම හේතුවෙන් රුපියල් 45,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර ඇති අතර එය ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසරක සිර දඬුවමක්ද විත්තිකරුට නියම කිරීමට මහනුවර මහාධිකරණ විනිසුරුවරිය පියවර ගෙන තිබේ.

2007 වසරේදී අදාල දැරිය අපයෝජනයට ලක් කර ඇති බවට නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණා.