27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්දු තෙන්නකෝන් චෝදනා ප්‍රතික්ෂේප කරයි

දේශබන්දු තෙන්නකෝන් චෝදනා ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුරක් ලබා ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුරකට තමන් බඳවා ගත් බවට ලිපියක් තමා වෙත ලැබුණු බවයි දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ.

කෙසේනමුත් එවැනි ආකාරයේ තනතුරක් භාර ගැනීම සඳහා ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව අනුමැතියක් නොතිබුණු බැවින් එම තනතුර භාර නොගත් බව ඔහු අවධාරණය කළේය.

ඒ අනුව සමාජ මාධ්‍යවල ඒ සම්බන්ධයෙන් සංසරණය වන ප්‍රවෘත්ති සියල්ල අසත්‍ය අතර තමන් කිසි දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනයෙන් මූල්‍ය හෝ කිසිඳු වරප්‍රසාදයක් ලබා නොගත් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.