29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපිරමීඩ ජාවාරමකට හසු වූ ගුරුවරයෙකුගේ සිරුර බොල්ගොඩ ගඟේ

පිරමීඩ ජාවාරමකට හසු වූ ගුරුවරයෙකුගේ සිරුර බොල්ගොඩ ගඟේ

පානදුර, හොරෙයිතුඩුව ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ තිබිය දී පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (14) උදෑසන සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව පොලිසිය විසින් මෙලෙස සොයාගෙන ඇත්තේ පානදුර, පරත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක තරුණයෙක්ගේ සිරුරක් බවයි වාර්තා වන්නේ.

මොහු කොළඹ ප්‍රසිද්ධ පාසලක සිංහල ගුරුවරයෙක් ලෙස සේවය කළ තැනැත්තෙක්. මෙම පුද්ගලයා පසුගිය ඉරිදා (12) පස්වරු 7.00ට පමණ මොරටුව දිගරොල්ල පළම අසළ පිහිටි වෙළඳසැලක සිය බෑගය තබා එම පාළම දෙසට ගොස් ඇති බවයි තොරතරු අනාවරණය වී ඇත්තේ.

මේ වනවිට පොලිසිය සැකපළ කරන්නේ මෙම තරුණයා දිගරොල්ල පළමෙන් බොල්ගොඩ ගඟට පැන ඇති බවයි. මොහු පිරමීඩ ජාවාරමක මුදල් ආයෝජනය කර එම මුදල් අහිමිවීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සිත් තැවුලින් සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.