32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපෞද්ගලික ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

පෞද්ගලික ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

තලවකැලේ, හොලිරූඩ් තේ කර්මාන්තශාලව ප්‍රදේශයේදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම ගැටුමින් තවත් තරුණයන් තිදෙනෙකු දරුණු කැපුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ පදිංචිව සිටි 22 හැවිරිදි සිවඥානම් සජීවන් නැමැති තරුණයෙකි.

තුවාල ලැබූ තරුණයන් තිදෙනා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරුකොට යවා ඇති අතර එම අවස්ථාවේදීයි එක් තරුණයෙක් මියගොස් ඇත්තේ.

වටගොඩ ප්‍රදේශයේ හා තලවකැලේ ග්‍රේස්වෙස්ටන් ප්‍රදේශයේ දෙපිරිසක් අතර කළක පටන් පැවැති ආරවුලක් මුල්කර ගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.