32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිව්ස් හා භානුක ඇමරිකාවට

මැතිව්ස් හා භානුක ඇමරිකාවට

ඇමරිකානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගවලිය සඳහා ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන භානුක රාජපක්ෂ ගිවිසුම්ගතව තිබෙනවා.

භානුකට අමතරව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද මෙම තරගාවලිය වෙනුවෙන් ගිවිසුම් ගතව ඇති බවයි වාර්තා වුණේ.

පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර්, අයර්ලන්ත ක්‍රිකට් නායක ඇන්ඩි බල්බර්නි, නැමීබියානු ජාතික කණ්ඩායමේ නායක ගර්හාර්ඩ් ඉරැස්මස්, ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී වැනි ජාත්‍යනතර ක්‍රිකට් පිටියේ සුපිරි ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලිය වෙනුවෙන් ගිවිසුම් ගතව තිබෙනවා.

පළමු වරට පැවැත්වෙන ඇමරිකානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 07ක් එක්වීමට නියමිතයි.