― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවැඩි මිලට සහල් හා සීනි විකුණනවා නම් දැනුම්දෙන්න

වැඩි මිලට සහල් හා සීනි විකුණනවා නම් දැනුම්දෙන්න

උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් සහ සීනි අලෙවි කරන අවස්ථාවලදී බිල්පත සමඟ පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම්දීමක් කරනවා.

එම අධිකාරියේ තොරතුරු අංශයේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර, වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසුවා.

සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති අවස්ථාවේ උපරිම මිල ඉක්මවා සීනි සහ සහල් අලෙවි කරන පුද්ගලයින් අධිකරණය හමුවට පමුණුවා දඩුවම් නියමකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත යත්තේ හැකියව ඇති බවයි ඔවුන් ඔවුන් සඳහන් කළේ.

එහිදී තනි පුද්ගල ව්‍යාපාරයක් සඳහා අවම දඩය රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහක් දක්වා උපරිම මුදලක් දඩ ලෙස නියම කිරීමට අධිකරණයට හැකියාව පවතිනවා.

සමාගමක් නම් එම ආයතනයට අවමය රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 50ක් දක්වා උපරිම දඩ මුදලක් පැනවීමට හැකියව තිබෙනවා. මීට අමතරව මාස 06ක සිරදඬුවම් ලබාදීමත්, සිර දඬුවම් සහ දඩ මුදල අයකර ගැනීම යන දෙකම ක්‍රියාත්මක කිරීමටත් අධිකරණයට බලය පැවරී ඇති බව ඔවුන් ප්‍රකාශ කළේ.

මේ වනවිට වැඩි මිලට සීනි අලෙවි කළ 350 කට අධික පිරිසකට නඩු පවරා ඇති අතර මෙම මාස 10 තුළ සමස්ත දිවයින පුරාම වැටලීම් 22,000ක් සිදුකර තිබෙනවා.

එයින් 19,000කට නඩු පවරා ඇති අතර දඩ මුදල් වශයෙන් රුපියල් මිලියන 220ක මුදලක් රජයට හිමිකර දීමට හැකිව තිබෙනවා. මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යැයි නම් සඳහන් කරමින් පැමිණෙන ව්‍යාජ දුරකථන ඇමතුම්වලින් ප්‍රවේශම්වන ලෙස ද ඔවුන් මෙහිදී දැනුම් දුන්නා.

මේ වනවිට වෙළඳපොලේ කීරි සම්බා කිලෝ එකක් රුපියල් 260ක උපරිම සිල්ලර මිලකටත්, සම්බා සහල් කිලෝ එකක් රුපියල් 230ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතු වනවා.

ඊට අමතරව සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 275ක මිල එකටත් සුරුම් කළ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් 295 කටත් අලෙවි කළ යුතුයි.