25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරක වීසා හරහා ඩුබායි යන්න ගිය කතුන් 06ක් හරවා එවයි

සංචාරක වීසා හරහා ඩුබායි යන්න ගිය කතුන් 06ක් හරවා එවයි

සංචාරක වීසා මඟින් ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යාමට උත්සාහ කළ කාන්තාවන් 06 දෙනෙකු යළි හරවා එවා තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපොලේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන නිලධාරින් විසිනුයි මොවුන් මෙලෙස හරවා යවා ඇත්තේ.

පොලීසිය පැවසුවේ ඔවුන් විදේශගත කිරීමට උත්සාහ කළ මාතර – වෙලේගොඩ පදිංචි පුද්ගලයෙකු සහ මිහින්තලය අශෝකපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.