― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsIMF දෙවෙනි වාරිකයෙන් ජනතාවට සහන දෙනවා

IMF දෙවෙනි වාරිකයෙන් ජනතාවට සහන දෙනවා

මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුණු පසු ජනතාවට නව සහන ලබාදීමට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

මෙවර අයවැයෙන් විපක්ෂ නායක වැය ශීර්ෂයත් වැඩි කර ඇති බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයට 2023 අයවැයෙන් රුපියල් කෝටි 25 කට ආසන්න මුදලක් දුන් අතර 2024 අයවැයෙන් එම මුදල රුපියල් කෝටි 28.6 දක්වා වැඩි කර තිබෙන බවයි.

අයවැයෙන් ජනතාවට අපාය පෙන්වා ඇතැයි විපක්ෂ නායකවරයා පැවසූවද සත්‍ය වශයෙන්ම සිදුවන්නේ විපක්ෂය විසින් ජනතාවට අපාය පෙන්වමින් සිටින බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.