27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය අදයි

එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය අදයි

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.

අවසන් පූර්ව වටයේ පළමු තරගය අද පස්වරු 02ට වන්කඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. අද පළමු අවසන් පූර්ව වටය යටතේ සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි ව නවසීලන්තය තරග වදිනවා.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ විශේෂත්වයක් පවතිනවා. ඊට හේතුව වන්නේ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි රටවල් 04 න් දෙකක් ම එක් ලෝක කුසලානයක් හෝ ජයග්‍රහණය කර තිබීම සහ තවත් කණ්ඩායම් දෙකක් සිය කුළුඳුල් ලෝක කුසලානයක පහස විඳ දරාගැනීමට බලාපොරොත්තු දල්වා සිටීමයි.

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව එලෙස කිසිදු එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නැති කණ්ඩායම් වනවා. ඔස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන ශූරතා 05ක් ද, ඉන්දියාව 02ක් ජයග්‍රහණය කර තිබෙනවා.

එමෙන්ම අඛණ්ඩ ව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ රටක් ලෙස නවසීලන්තය හැඳින්විය හැකියි. 2019 ක්‍රිකට් ලෝක ශූරයින් සමග තරග වැදුණේ නවසීලන්ත කණ්ඩායමයි.