― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකාසියේ වාසිය ඉන්දියාවට

කාසියේ වාසිය ඉන්දියාවට

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ අද ආරම්භ වන අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී කාසියේ වාසිය හිමි කරගන්නට සත්කාරක ඉන්දියාව සමත් වුණා.

ඒ අනුව නවසීලන්ත ක්‍රිකට් නායක ෂර්මා තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි. අද තරගය පස්වරු 02ට මුම්බායි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය අද කණ්ඩායම් දෙකට ම අතිශය තීරණාත්මක වනවා. ඊට හේතුව වන්නේ අද තරගය ජය ගන්නා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන පළමු සුදුස්සා බවට පත්වීමයි.

අද තරගය ජය ගන්නා කණ්ඩායම හෙට දිනයේ දී ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව වටයේ ජයග්‍රාහක කණ්ඩායම සමග 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට එක් වනු ඇති.

මේ වනවිට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් ලෝක කුසලාන 03ක් ජයග්‍රහණය කර ඇති අතර නවසීලන්තය කිසිදු එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නැහැ.

මේ අතර අද තරගය නැරඹීමට එංගලන්තයෙන් බිහි වුණු සුපිරි පාපන්දු ලෝක ශූරයෙකු වන ඩේවිඩ් බෙකම් ද ද පැමිණ සිටිනවා. වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්දුල්කාර් සමග එක් වූ බෙකම් ඉන්දීය කණ්ඩායම සමග ද සුහද සංවාදයක නිරත වුණු අයුරු ද දක්නට ලැබුණා.