― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබාල බෙහෙත් සපයන සමාගම් අසාදු ලේඛනගත කරනවා

බාල බෙහෙත් සපයන සමාගම් අසාදු ලේඛනගත කරනවා

ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ නිසි ප්‍රමිතියට කටයුතු නොකරන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ජාවකදීයි.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ මෙය සෑම ක්ෂේත්‍රයකටම අදාළ විය යුතු අතර එවැනි සමාගම් මෙරට තුළ වේ නම් ඒවා ද අසාදු ලේඛන ගත කිරීමට කටයුතු සිදු කළ යුතු බවයි.

එමෙන්ම ඖෂධ ක්‍රියාවලිය මිනිසුන්ගේ ජීවිත සමග සිදු කරන ගනුදෙනුවක් වන බැවින් ඒ සදහා වාර්ෂිකව බිලියන ගණනක් වැය කරන බවත් ඖෂධ සමාගම් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ජනතාවට ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මින් පසු ඖෂධවල මිල තීරණය කිරීම එක් මිල තීරණය කිරීමේ කමිටුවක් හරහා කටයුතු සිදු කළ යුතු බවත් තමාගෙන් වරදක් සිදු වන්නේ නම් එයද, පෙන්වා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.