23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවවුනියාවෙන් අත් - පා නොමැති මළ සිරුරක් හමුවෙයි

වවුනියාවෙන් අත් – පා නොමැති මළ සිරුරක් හමුවෙයි

වව්නියාවේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ ඊච්චන්කුලම – කරුවෙප්පන්කුලම ප්‍රදේශයේ කුරිසුට්ටකුලම් වැවේ තිබියදී බවයි.

මරණකාරියගේ අනන්‍යතාව මෙතෙක් හෙළිව නැහැ. මෘත දේහය අවුරුදු 20 හෝ 25ක් වන වයසක පසුවන්නියකගේ බවත් පොලිසිය සැක පළ කරනවා.

දින කිහිපයකට පෙර මෙම කාන්තාව මියගොස් ඇති බවත් ඇයගේ අත් පා හා නොමැති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා. ඇයගේ මුහුණ හඳුනාගත නොහැකි අයුරින් විකෘති වී තිබෙනවා.

මරණයට පත් වන අවස්ථාවේ දී ඇය රතු පැහැති ගවුමක් හැඳ සිටි බවයි පොලිසිය පැවසුවේ. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය වව්නියාව මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.