31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවවුනියාවෙන් අත් - පා නොමැති මළ සිරුරක් හමුවෙයි

වවුනියාවෙන් අත් – පා නොමැති මළ සිරුරක් හමුවෙයි

වව්නියාවේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ ඊච්චන්කුලම – කරුවෙප්පන්කුලම ප්‍රදේශයේ කුරිසුට්ටකුලම් වැවේ තිබියදී බවයි.

මරණකාරියගේ අනන්‍යතාව මෙතෙක් හෙළිව නැහැ. මෘත දේහය අවුරුදු 20 හෝ 25ක් වන වයසක පසුවන්නියකගේ බවත් පොලිසිය සැක පළ කරනවා.

දින කිහිපයකට පෙර මෙම කාන්තාව මියගොස් ඇති බවත් ඇයගේ අත් පා හා නොමැති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා. ඇයගේ මුහුණ හඳුනාගත නොහැකි අයුරින් විකෘති වී තිබෙනවා.

මරණයට පත් වන අවස්ථාවේ දී ඇය රතු පැහැති ගවුමක් හැඳ සිටි බවයි පොලිසිය පැවසුවේ. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය වව්නියාව මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.