31 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරනවා - නාමල්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරනවා – නාමල්

තමන් කවදත් අධිකරණයට ගරු කරන බවත් වත්මන් ආර්ථික අර්බුදය දීර්ඝ වශයෙන් හා ගැඹුරින් සාකච්ඡා කරනවා නම් සුදුසුම තැන වන්නේ පාර්ලිමේන්තුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මූලික අයිතිවාසිකම්වලදී සලකා බලනු ලබන්නේ ලිඛිත පෙත්සම් හා ලිඛිත සාක්ෂි පමණක් බවත් සාක්ෂි කැඳවීමක් නොකරන බවත්ය.

මූල්‍ය බලතල, නීති සම්පාදනය, නීති පැනවීම, නීති ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව බවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් ආර්ථික අර්බුදය ගැන ගැඹුරින් සොයා බැලිය හැකි බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.