30 C
Colombo
Friday, December 8, 2023

කුලී ගමනක් යන මුවාවෙන් රියදුරුට පිහියෙන් ඇනලා

කුලී ගමන් යන මුවාවෙන් පැමිණ ත්‍රීවිල් රථ රියදුරුට පිහියෙන් ඇන පින්වත්තේදී ත්‍රීවිල් රථයක් මංකොල්ල කා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම සිදුව ඇත්තේ තල්පිටිය ලෝලුගස්මංකඩ මංසන්ධියේදී බවයි.

ත්‍රීවිල් කුලියට ගමන්ගන්නා ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ඔහුට පානදුර පින්වත්ත ප්‍රදේශයට කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා එම ස්ථානයේ ත්‍රීවිල් රථයක නැග පානදුර පින්වත්ත ප්‍රදේශයට ගමන් කොට ඇති බවයි වාර්තා වන්නේ.

පින්වත්ත ප්‍රදේශයට යන අතරතුර එම ත්‍රීවිල් රථයට තවත් පුද්ගලයින් දෙදෙනෙකු නංවාගෙන ඇති අතර එම තිදෙනාද කැටුව ත්‍රීවිල් රථය පානදුර – පින්වත්ත දුම්රිය ස්ථානය අසලට ගොස් ත්‍රීවිල් රථ රියදුරාට ත්‍රීවිල් රථයෙන් බැස යන ලෙස ඔවුන් තිදෙනා ප්‍රකාශ කර තිබෙනවා.

ත්‍රීවිල් රථ රියදුරු රථයෙන් බැස යාම ප්‍රතික්ෂේප කළ විට රියදුරුට එම පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු ඉනෙහි සඟවා තිබූ තියුණු ආයුධයක් ගෙන ඔහුගේ උදරය ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට ඇන තුවාල සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

එයින් බියට පත්වූ ත්‍රීවිල් රථ රියදුරු ත්‍රීවිල් රථය දමා එම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඥාති නිවසකට දිවගොස් තිබෙනවා. ඒ අතරතුර ත්‍රීවීල් රථයේ පැමිණි පුද්ගලයින් තිදෙනා එම ත්‍රීවිල් රථය මංකොල්ලකා එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රථ රියදුරු මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙසේ රෝහල්ගත කොට ඇත්තේ වයස අවුරුදු 37ක් වන වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රීවිල් රථ රියැදුරුගේ දෙමව්පියන් පින්වත්ත පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

Latest

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ...

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ...

නිර්වින්දනයෙන් පසු දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් ජීවිතක්ෂයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් එක් සතෙකු...

දහස් ගණන් පලස්තීනුවන් ජීවිත බේරා ගැනීම සඳහා රෆා දේශසීමාවට

ගාසා තීරයේ තැනින් තැන ඇති වන දරුණු සටන්වලින් බේරීම...

Don't miss

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

ගුරු වැටුප් විෂමතාවය විසඳන්න මුදල් නැහැ – සුසිල්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා සඳහා මුදල් වෙන් කළ පසු...

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත තුවක්කුවක් සහ උණ්ඩ 10ක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව...

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පාතාල නායක 'අංගොඩ ලොක්කාගේ' බිරිඳ...

නිර්වින්දනයෙන් පසු දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් ජීවිතක්ෂයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් එක් සතෙකු ඊයේ (07) පස්වරුවේ මිය ගොස් තිබෙනවා. එම සත්වයාගේ පාදයක ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here