26.6 C
Colombo
Sunday, December 3, 2023

වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ මෝටර් රථය දක්ෂිණ අධිවේගයේදී අනතුරට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මෙන්ම ජාතික බෝවන රෝග විද්‍යායතනයේ භෞත චිකිත්සක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

ඔහු ගමන් ගත් මෝටර් රථයේ රෝදයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් දොඩම්ගොඩ සහ ගැලනිගම අතර ප්‍රදේශයේ නතර කර තිබියදී ලී කුඩු පැටවූ ටිපර් රථයක් ගැටීමෙනුයි ඊයේ (15) රාත්‍රී මෙම අනතුර සිදු වී ඇත්තේ.

ජීප් රථයේ ගැටීමත් සමඟම ටිපර් රථය මාර්ගය හරහා පෙරළි ඇති අතර ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට වන මංතීරුවේ පැය 8ක පමණ කාලයක් වාහන ගමනාගමනයට ද බාධා මතුවී තිබුණා.

අනතුර වන අවස්ථාවේදී වෛද්‍යවරයා රථයෙන් පිටතට බැස සිට ඇති අතර ජීප් රථය තුළ ඔහුගේ බිරිඳ හා සහෝදරිය සිට ඇතැයි සඳහන්.
වෛද්‍යවරයා ගාල්ල සිට කොළඹ දෙසට පැමිණීමේදී රථයේ රෝදයක දෝෂයක් හේතුවෙන් ඔහු ජීප් රථය නතර කර ඉන් බිමට බැස සිටියදී දොඩම්ගොඩ දෙස සිට පැමිණි ලී කුඩු පටවා ගත් ටිපර් රථය ජීප් රිප් රියේ පිටුපස වම්පස බඳ කොටසේ ගැටී මාර්ගයේ පෙරළී ගොස් තිබෙනවා.

ඒ සමගම ජීප් රථයද අඩි කිහිපයක් ඉදිරියට විසි වී ඇති අතර වෛද්‍යවරයාට හෝ ජීප් රථයේ සිටි ඔහුගේ බිරිඳට හෝ සහෝදරියට කිසිදු අනතුරක් සිදු වී නැහැ.

ටිපර් රථය මාර්ගය හරහා පෙරළීමෙන් එහි රියදුරුගේ හිසට තුවාල සිදු වී ඇති අතර ඔහු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර තිබුණා. ටිපර් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුරට සිදු වන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

අනතුරින් වෛද්‍යවරයාගේ ජීප් රථයටද බරපතල අලාභ හානි සිදු වී තිබෙනවා.

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

තනි තරුවක් සහිත තරුණ සංවිධානයක් සිය පලමු සමුලුව මහරගම පවත්වයි. අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! කරන බව සපථ කරයි!

YOUTH FOR CHEnge පළමු සමුළුව අද 2 දින මහරගම තරුණ සේවා සභාවේදී පවත්වනු ලැබීය. තරුණ ජවයක් ! අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! වෙනුවෙන් කටයුතු...

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙනු ඇති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here