30 C
Colombo
Friday, December 8, 2023

සොයුරියගේ පොලිස් පෙම්වතා රෝහලට යැවූ හිමිනම අත්අඩංගුවට

දෙනියාය පල්ලේගම ප්‍රදේශයේදී හිමිනමක් විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාලකරු දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි දෙනියාය පොලිසිය සඳහන් කළේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දෙනියාය පොලිස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙක්. තම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස අවුරුදු 18ක් පමණ වන හිමිනමක් විසින් පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාස⁣ය අසළදී අද (16) පස්වරුවේ පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ නිලධාරියා කඩිනමින් දෙනියාය මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුවයි වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර ඇත්තේ.

මෙලෙස පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා කටුවන ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකු වන අතර ඔහු සැකකාර හිමි නමගේ වයස අවුරුදු 26ක් වන සහෝදරියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි සඳහන්.

ඔහු අදාළ තරුණියගේ නිවසට ගොස් සිටියදී සැකකාර හිමිනම නිලධාරියාට දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී ඇති අතර ඒ අනුව හිමිනම සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසළදී හමුවී තිබෙනවා.

එම අවස්ථාවේ සිදුවූ බහින් බස්වීමකින් පසුව සැකකාර හිමිනම බෑගයේ සඟවා ගෙන සිටි තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට පහර දී ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

පහරදීම සිදු කළ සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

Latest

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ...

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ...

නිර්වින්දනයෙන් පසු දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් ජීවිතක්ෂයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් එක් සතෙකු...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ මත්තේගොඩ...

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත තුවක්කුවක් සහ උණ්ඩ 10ක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව...

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පාතාල නායක 'අංගොඩ ලොක්කාගේ' බිරිඳ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here