31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහදිසි ඖෂධ මිලදී ගැනීමේදී විශාල මුදලක් අපතේ යනවා

හදිසි ඖෂධ මිලදී ගැනීමේදී විශාල මුදලක් අපතේ යනවා

ඖෂධ ගෙන්වීමේදී සිදු වන හදිසි මිලදී ගැනීම් සහ දූෂණ ක්‍රියා නිසා වසරකට විශාල මුදලක් අපතේ යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ එලෙස පසුගිය කාලයේදී පමණක් මෙම දූෂණ ක්‍රියා හේතුවෙන් වසරකට රුපියල් බිලියන තිහක් සහ හතළිහක් අපතේ ගොස් ඇති බවයි.

ලබන වසර සඳහාද ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් බිලියන 180ක මුදලක් වෙන් කර ඇති අතර ඖෂධ ගෙන්වීමේදී නිසි ක්‍රමවේදයක් අනුව ඖෂධ ගෙන්වීමට කටයුතු කළහොත් මෙතරම් මුදලක් වැය නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.