27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපි රට බංකොලොත් කළේ නෑ - මහින්ද

අපි රට බංකොලොත් කළේ නෑ – මහින්ද

රට බංකොලොත් වීමට තමන් ඇතුළු පිරිස වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව තමා පිළිනොගන්නා බවත් ඒ සඳහා වග උත්තර බැඳීමට අවස්ථාව ලැබුණු විට වග උත්තර බඳින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය නිමිත්තෙන් මහනුවරට පැමිණ ඊයේ (15) රාත්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ ඔබගේ රජයේ වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රට බංකොලොත් වී ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති තීන්දුව පිළිගන්නේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එම අධිකරණ තීන්දුව පිළි නොගන්නා බවට පැහැදිලිව ප්‍රකාශ කර සිටිය යුතු බවයි.