23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅල් ෂිෆා රෝහලෙන් අවි ආයුධ තොගයක් සොයා ගැනේ

අල් ෂිෆා රෝහලෙන් අවි ආයුධ තොගයක් සොයා ගැනේ

ගාසා තීරයේ අල්-ෂිෆා රෝහලෙන් හමාස් සංවිධානයට අයත් ආයුධ සහ උපකරණ සොයාගත් බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් විසින් වීඩියෝ පටයක් ප්‍රකාශයට පත් කරමින් මෙය සනාථ කර ඇති බවයි.

ඊයේ දිනයේදී ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ ප්‍රධාන රෝහලේ මෙහෙයුමක් දියත් කරනු ලැබුවේ අල් ෂිෆා රෝහල් කේන්ද්‍ර කරගනිමින් හමාස් සංවිධානය භූගත කදවුරක් පවත්වාගෙන යන බවට ඇමරිකානු බුද්ධි තොරතුරු අනාවරණය කිරීමත් සමඟයි.

ඊශ්‍රායල හමුදා මෙම මෙහෙයුම හඳුවනු ලැබුවේ හමාස් සංවිධානයට එරෙහිව සිදුකෙරෙන ඉලක්කගත මෙහෙයුමක් ලෙසයි.

හමාස් සංවිධානය රෝහල යටතේ උමං මාර්ගවල අණදෙන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට ඊශ්‍රායලය චෝදනා කරන අතර එක්සත් ජනපදය පවසන්නේ මේ සඳහා සහාය දක්වන බුද්ධි අංශ තොරතුරු තමන් සතුව ඇති බවයි.

හමාස් සංවිධානය මෙය ප්‍රතික්ෂේප කරන අතර රෝගීන් සහ කාර්ය මණ්ඩලය සමග සිවිල් වැසියන් සිය ගණනක් එහි නවාතැන් ගෙන සිටින බැවින් රෝහල වැටලීම යුද අපරාධයක් බවයි පවසන්නේ.