― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsආගමික ස්ථානවලට සූර්ය බලයෙන් විදුලිය

ආගමික ස්ථානවලට සූර්ය බලයෙන් විදුලිය

ආගමික ස්ථාන සඳහා සූර්ය බලයෙන් විදුලිය ලබ‍ා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ මෙම වසර අවසන් වන විට අවසන් කළ හැකි බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බිදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික ස්ථානවල සූර්ය බල පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍ය්වරුන් දෙදෙනා අතර පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී විදුර වික්‍රමනායක අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී පාදස්ථානයේ උඩමළුව හැර මාවත් සහ සෙසු ස්ථාන සඳහා සුර්යය බලය මඟින් විදුලිය ලබාදීමට ක්‍රමවේදයක් සකසන බවත් කතරගම පුජාභූමිය වැනි පුජා ස්ථාන සඳහා ද මෙම ව්‍යාපෘතියෙන් විදුලිය සැපයීමට කටයුතු කරන බවත්ය.