29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා.

ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර මෙම තරගය පැවැත්වෙන්නේ කොල්කටාහි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. සීන් ඇබොට් සහ මාකස් ස්ටොයිනිස් අද තරගයේදී ඉවත් කර ඇති අතර ග්ලේන් මැක්ස්වෙල් සහ මිචෙල් ස්ටක් ඔස්ට්‍රේලියා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ රේසා හෙන්රික්ස් සහ ලුන්ගි න්ගිඩි වෙනුවට මාකෝ ජෙන්සන් ටබ්රයිස් ෂම්සි අද කණ්ඩායම නියෝජනය කරනවා.

මෙවර තරගාවලියේදී ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව හමුවන්නේ දෙවන වරට වන අතර දෙරට අතර මූලික වටයේදී පැවති තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 134ක ජයක් හිමිවුණා.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අපරාජිත ඉන්දියාව සමග තරග වැදීමට නියමිතයි.