27.8 C
Colombo
Thursday, November 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළොන්නාවේ 'කුඩු රැජිණ' අත්අඩංගුවට

කොළොන්නාවේ ‘කුඩු රැජිණ’ අත්අඩංගුවට

කොළොන්නාවේ ‘කුඩු රැජිණ’ යන අනවර්ථ නාමයෙන් හඳුනවන කාන්තාවක් විශේෂ කාර්‍යය බලකාය ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත – කොළොන්නාවේදීයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇය සන්තකයේ තිබී මත් කරල් 374 ක් හා හෙරොයින් මිලි ග්‍රෑම් 600 ක් සොයාගෙන තිබෙනවා. මෙම සැකකාරිනිය වයස අවුරුදු 32 ක කාන්තාවක්.

මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 138,000ක මුදලක් ද ඇය සන්තකයේ තිබී සොයා ගැනුණා.මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සූක්ෂ්මව සිදු කරගෙන ගොස් ඇති බවටයි හෙළි ව ඇත්තේ.

සැකකාරිනිය වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.