23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදකුණු අප්‍රිකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව අද පිටියට

දකුණු අප්‍රිකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව අද පිටියට

එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතරයි. ඊඩ්න් ගාර්ඩ්න්ස් හි දී දෙරට අතර තරගය පස්වරු 02ට ආරම්භ වනවා.

මේ වනවිට කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් සිටින්නේ දෙවැනි ස්ථානයේ හා තුන්වැනි ස්ථානයේයි. මුහුණු දුන් තරග 09කින් ම දෙපිළ ම තරග 07 බැගින් ජයග්‍රහණය කර තිබෙනවා.

තරග ජයග්‍රහණය කිරීමේ සාමාන්‍යය අනුවයි මෙම ස්ථාන කණ්ඩායම් දෙකට ම හිමි ව ඇත්තේ. මේ වනවිටත් අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත ව ඇත්තේ එළඹෙන 19 වැනි පස්වරු 02ටයි.

ඒ අහමදාබාද් නුවරදීයි. අවසන් මහා තරගයට පළමු ව දොරටුව විවර කරගැනීමට ඊයේ දිනයේ දී ඉන්දියාවට හැකියාව ලැබුණා. ඒ නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

ඒ අනුව අද තරගයේ ජයග්‍රාහක කණ්ඩායම් කවුරුන් හෝ වේවා එම කණ්ඩායම එළඹෙන 19 වැනි දා ඉන්දියාවට එරෙහිව 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරයින් වීමට තරග වැදීමට නියමිතයි.