― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsපළාත් පාලන සුළු සේවකයන් ස්ථිර කරනවා - අගමැති

පළාත් පාලන සුළු සේවකයන් ස්ථිර කරනවා – අගමැති

පළාත් පාලන ආයතන සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියවීමේ තුන්වැනි දින විවාදයට එක්වෙමින්.

පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, අවශ්‍ය පියවර ගැනීම සඳහා භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

භාණ්ඩාගරයේ දැනුම්දීම මත ඉදිරි පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ දී අද දිනයේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ.