27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුද්ගලික කෝන්තරයකට පිය පුතු දෙපළ මෝටර් රථ හප්පාගෙන

පුද්ගලික කෝන්තරයකට පිය පුතු දෙපළ මෝටර් රථ හප්පාගෙන

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පුතෙකු සහ පියෙකු සිය මෝටර් රථ එකිනෙක හප්පාගෙන ඇති පුවතක් බේරුවලින් වාර්තා වනවා.

මෙම සිදුවීම අද අලුයම වාර්තා වී ඇත්තේ බේරුවල පොලිස් ස්ථානය අසල ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දීයි.

දෙපාර්ශ්වය අතර පවතින පෞද්ගලික ආරවුලක් හේතුවෙන් කුඩා වෑන් රියක් සහ මෝටර් රියක් මෙලෙස එකිනෙක හප්පාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පියා බේරුවල ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු අද බේරුවල ධීවර වරායේ ඇති ධීවර යාත්‍රාවක් ගැන සොයා බැලීමට යමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී බේරුවල දෙස සිට පැමිණි ඔහුගේ පුතා බේරුවල පොලිස් ස්ථානය අසලදී ඉදිරියෙන් පැමිණෙන මෝටර් රථය ඔහුගේ පියාගේ බව හඳුනාගෙන ඔහු පැදවූ කුඩා ප්‍රමාණයේ වෑන් රථය, කාර් රථයේ හප්පා මෝටර් රථයට හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පුතා පැමිණි වෑන් රථයට ද හානි සිදුව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නැහැ.

සිද්ධියට මුහුණ දුන් මෝටර් රථය සහ වෑන් රථය මේ වන විට බේරුවල පොලිසිය භාරයේ පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.