26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබසයක් තුළදී දැරියකගේ ළැම අතගෑ අයෙක් සොයා විමර්ශන

බසයක් තුළදී දැරියකගේ ළැම අතගෑ අයෙක් සොයා විමර්ශන

බස් රථයක් තුළ දී පාසල් දැරිවියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව නවගත්තේගම පොලීසි‍ය පවසනවා.

ඉකුත් 15 වෙනිදා තමන් පාසල අවසන් වී නිවස බලා යාමට නවගත්තේගම බස් නැවතුම්පළේ නවතා තිබූ බස් රථයක් තුළ සිටියදී කිසියම් අයෙකු තමන්ගේ ළැම ප්‍රදේශය ස්පර්ශ කර ඔහුගේ රහසඟ තමන්ට පෙන්වා බස් රථයෙන් බැස ගිය බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.

14 හැවිරිදි එම දැරිවිය ප්‍රදේශයේ පාසලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවක්.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.