ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් තමාට විවිධාකාරයේ තර්ජනාත්මක ප්‍රකාශ කර ඇති බවත් මේ හේතුවෙන් තමාගේත් පවුලේ සාමාජිකයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (16) පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කරමිනි.
“මම තනතුරුවලින් වැජඹෙන කෙනෙක් නොවෙයි. රටේ පුරවැසියන් අතර මහජනතාවට වගකියන පළමුවැනි තිස් දෙනා අතර ඉන්න කෙනෙක්. මීට දින කිහිපයකට කලින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශම්මි සිල්වා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඇමති කියන තැනකට එන්නම් නැත්නම් එයාව වෙන තැනකට ගෙනියනවා කියලා කියනවා. සුදත් චන්ද්‍රසේකර මම පත්කරපු මිනිහා. ක්‍රිකට් ආයතනය ඔහුව අල්ලා ගත්තා. තවත් පටිගත කිරීමක් තියෙනවා ඕකට මම ගහලා දානවා කියලා. මේ ප්‍රකාශ දෙක තුළ මගේ පවුලේ ජීවිත අවදානමට ලක් වෙලා තියෙනවා.”