― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමිත්‍ර ශක්ති යුද අභ්‍යාස සඳහා යුද හමුදා කණ්ඩායමක් ඉන්දියාවට

මිත්‍ර ශක්ති යුද අභ්‍යාස සඳහා යුද හමුදා කණ්ඩායමක් ඉන්දියාවට

ඉන්දියාවේ පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් ඉන්දියාව බලා පිටත් ව ගොස් තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සන්නද්ධ හමුදාවන් අතර පවතින සබඳතාව ප්‍රවර්ධනය කරමින් දෙරට අතර යුද්ධ හමුදාවන් ඒකාබද්ධ ව පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට සහභාගී වීම සඳහා මෙලෙස නිලධාරීන් 29 දෙනෙක් සහ සෙසු නිලයන් 94 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ දින පස්වරුවේ දී නවදිල්ලි නුවර බලා පිටත් ව ගිය බවයි.

‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය එළඹෙන බ්‍රහස්පතින්දා (16) දින ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ පිහිටි ඉන්දීය යුද්ධ හමුදා 330 පාබල බලසේනා මූලස්ථානයේ දී ආරම්භ වන අතර 2023 නොවැම්බර් මස 29 දින දක්වා පැවැත්වෙනු ඇති.

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගී වන භට පිරිස්වලට දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම, යුද සහයෝගීතාව, ඒකාබද්ධ මෙහෙයුම් පැවැත්වීම, දෙරට අතර යුද අත්දැකීම් හුවමාරු කරගැනීම, අන්තර්ජාතික යුද ගැටලු පිළිබඳ අවබෝධය හා අනාගතයේදි සිදුවිය හැකි ආරක්‍ෂක අභියෝගයන් සඳහා සුදානම් විමට අවශ්‍ය ප්‍රමාණවත් දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම යුද අභ්‍යාසය 2012 වර්ෂයේ සිට පැවැත්වෙනවා.

යුද අභ්‍යාස මාලාවේ 9 වන අභ්‍යාසය වශයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය තුළින් කැරලි මර්දන සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පසුබිමක ක්‍රියාන්විත සිදුකිරීමේ දී අවශ්‍ය විශේෂඥ දැනුම ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ලබනවා.

අවි පුහුණුව, මූලික යුද උපක්‍රම සහ සංකීර්ණ සටන් උපායමාර්ගයන් ද මෙම යුද අභ්‍යාසයට ඇතුළත් බවයි වාර්තා වන්නේ.