24 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරංජිත්ගේ පුතා කෝප් කමිටුවේ වාඩිවුනේ කොහොමද?

රංජිත්ගේ පුතා කෝප් කමිටුවේ වාඩිවුනේ කොහොමද?

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ පුත්‍රයා කනිෂ්ක බණ්ඩාර කෝප් කමිටුවේ කටයුතුවලට සහභාගී වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී නාවරණය කළා.

ඔහු කෝප් කමිටුවේ රැස්වීම්වලට සහභාගී කරවීම පාර්ලිමේන්තු රීති බරපතල ලෙස කඩකිරීමක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

කෝප් කමිටු සභාපතිවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස විපක්ෂ නායකවරයා අද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඔහු කෝප් කමිටුවට එනතුරු පාර්ලිමේන්තුවේ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග කවරේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා තමාටවත් කෝප් කමිටුවේ වාඩි විය නොහැකි ලෙස තහනම් කළත් පාර්ලිමේන්තු නිලධාරියකු නොවන මේ පුද්ගලයා එහි වාඩි වූයේ කෙසේද යන්න ගැටලු සහගත බවයි කියා සිටියේ.