26.7 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනිඳු හසරංග පුහුණුවීම් අරඹයි - ජනවාරියේ පිටියට

වනිඳු හසරංග පුහුණුවීම් අරඹයි – ජනවාරියේ පිටියට

එක්දින ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකිවීම පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටු වන බවත් එළැඹෙන සතියේ සිට නැවත කුඩා මට්ටමෙන් සිය පුහුණු වීම් අරම්භ කරන බවත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පවසයි.

එල්.පී.එල් තරගාවලියෙන් පසු තමන්ගේ ආබාධය යම් පමණකට සුව වී තිබුණ ද යළි පුහුණු වීම් ඇරඹූ පසු තමන් යළි ආබාධයට ලක් වූ බව පවසන ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශල්‍යකර්මයෙන් පසු සති 12ක කාලයක් විවේකයෙන් සිටිය යුතු බවත් මේ වන විට ශල්‍යකර්මය සිදු කර සති 05ක් ගත වී ඇති බවත්ය.

එමෙන්ම නියමිත සති 12 අවසන්වීමෙන් පසු එළැඹෙන 2024 ජනවාරියේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කිරීම සිය බලාපොරොත්තුව බවද වනිඳු හසරංහ අවධාරණය කර තිබේ.