29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවසර 02ක් පුරා තම දැරිය දූෂණය කළ නරුම පියෙක් සොයා විමර්ශන

වසර 02ක් පුරා තම දැරිය දූෂණය කළ නරුම පියෙක් සොයා විමර්ශන

වයස අවුරුදු 14 ක් වන තම දියණියව වසර 02 ක පමණ කාලයක සිට ලිංගික අපයෝජනය කරමින් ඇයව දූෂණය කළ බව කියන 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු සිදු කරන බව කරුවලගස්වැව පොලීසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ලද තොරතුරු අනුව අතවරයට පත් වූ දැරියගේ මව විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි.

සැකකරු තබ්බෝව – මයිලන්කුලමේ පදිංචිකරුවෙක්.

තම සැමියා විසින් දියණියව වසර 02 ක පමණ කාලයක් තිස්සේ දූෂණය කර ඇති බවත් මීට මාස 03කට පමණ පෙර දිනයකදී ඔහු එලෙස අවසන් වරට දියණියට අතවර කර ඇති බව ද පැමිණිලිකාර පාර්ශ්වය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

අතවරයට පත්ව ඇති දැරිවිය එම ප්‍රදේශයේ පාසලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින්නියක්. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව ද පොලීසිය පවසනවා.

අතවරයට පත්ව ඇති දැරිවිය ඇයගේ මවගේ ආරක්ෂාව යටතේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.