― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහොරෙන් යන්න ගිය කැනඩා ගමන ගුවන්තොටින් නවතී

හොරෙන් යන්න ගිය කැනඩා ගමන ගුවන්තොටින් නවතී

කූඨ ලෙස සකස් කළ කැනේඩියානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ කැනඩාවට පලා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ආගමන විගමන දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (16) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම සැකකරු 37 හැවිරිදි වියෙහි පසුවන මඩකලපුව ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙක් බවයි. මොහු අද උදෑසන 08.15 ට ඩුබායි බලා පිටත් ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට ගොඩවීමටයි කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

ඔහු සිය නිෂ්කාශන කටයුතු සඳහා ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ කැනේඩියානු වීසා බලපත්‍රය පිළිබඳ ව සැක සිතූ ගුවන් සේවා නිලධාරීන්, ඔහු ආගමන විගමන දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන්වල දී මෙම වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවටයි තහවුරු ඇත්තේ. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්, ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු රුපියල් ලක්ෂ 30 ක් තැරැව්කරුවෙකුට ලබා දී මෙම වීසා බලපත්‍රය සකස් කරවා ගත් බවත්, ඔහු කැනඩාවට ගිය පසු තවත් රුපියල් ලක්ෂ 30 ක් ගෙවීමට එකඟ වී ඇති බවත් අනාවරණය හෙළි ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.