30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැබිනට් අනුකමිටුව ICCයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

කැබිනට් අනුකමිටුව ICCයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පත්කළ කැබිනට් අනුකමිටුව විසින් එම ඉල්ලීම සිදුකර ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර අද (17) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

විපක්ෂය මෙන්ම ආණ්ඩුවද එකතු විය යුත්තේ අයි.සී.සී. තහනම ඉවත් කර ගැනීම සඳහා බව සඳහන් කළ අමාත්‍යවරයා ජනපති ඇමති කමිටුවට බලය පවරා ඇත්තේ ක්‍රිකට් සම්බන්ධ ව්‍යූහාත්මක වෙනස සම්බන්ධ අදහස් යෝජනා ලබාදීමට බව ද මෙහිදී සඳහන් කර සිටියා.

ඒ අනුව ක්‍රිකට් තහනම ඉවත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුව ම එක් විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කැබිනට් අනුකමිටුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා.