31.7 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයෙක් පැහැර ගනියි

ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයෙක් පැහැර ගනියි

ඉන්දියාවේ චෙන්නායිහිදී ශ්‍රී ලාංකිකයෙකු පැහැරගත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ශ්‍රී ලාංකිකයා ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගොස් සිටියදීයි මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ.

පැහැරගැනීමට ලක්වූ බව කියන තැනැත්තාගේ දියණිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ තම පියා පැහැරගත් පිරිසක් ඔහු නිදහස් කිරීමට නම් ඉන්දීය රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදෙන ලෙසට ඇමතුමක් මඟින් දැනුම් දුන් බවයි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී පැහැරගැනීමට ලක්වූ තැනැත්තා සොයාගැනීමටත්, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අත්අඩංගුවට ගත් කකරුවන් අතර කාන්තාවක් ද සිටින බවයි වාර්තා වන්නේ.