25.6 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියට අද (17) අලුයම පස් සමඟ විශාල ගල් පර්වතයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සහ දියතලාව යන දුම්රිය ස්ථාන අතර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

රාත්‍රී තැපැල් දුම්රිය අද (17) අලුයම හපුතලේ දුම්රිය ස්ථානය පසුකර දියතලාව දුම්රිය ස්ථානය දෙසට ධාවනය වෙමින් තිබිය දී සැතපුම් 156/13 කණුව අසල දී එක්වරම කඳු මුදුනේ තිබූ විශාල ගල් පර්වතයක් පස් සමඟ ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මතට වැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් කිසිවකුට හානියක් සිදුව නැහැ.