26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋත්සව සමයේදී බිත්තර හිඟයක් නැහැ

උත්සව සමයේදී බිත්තර හිඟයක් නැහැ

මේ වනවිට දේශීය වෙළෙඳපොළෙන් අතිරික්තයක් ලෙස බිත්තර පැමිණෙන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම පෙන්වා දුන්නේ මේ හේතුවෙන් දේශීය වෙළෙඳපොළ තුළ රුපියල් 30 සිට 42 දක්වා බිත්තර මිල දී ගැනීමේ හැකියාවක් පාරිභෝගිකයින්ට පවතින බවයි.

මෙවන් තත්ත්වයක් කිසිදු ලෙසකින් උත්සව සමය තුළ දී ඉන්දියාවෙන් බිත්තර ආනයනය සිදු නොකරන ලෙසට සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

දේශීය බිත්තර අතිරික්තයක් ලෙස අඩු මිලට දේශීය වෙළෙඳපොළට එමින් ඇති පසුබිමක, පාරිභෝගිකයින් හට අඩුවකින් තොරව බිත්තර සැපයීමේ හැකියාවක් මෙරට බිත්තර නිෂ්පාදකයින්ට ඇති බවයි සභාපතිවරයා පෙන්වා සිටියේ.

කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින් තමන්ගේ නිෂ්පාදන ඉහළ දැමීම මත මෙම අඩු මිලකට බිත්තර ලබාදීමේ හැකියාවක් ඇති බව ද මාධ්‍ය හමුවේදී මොහු කියා සිටියා.

ඉන්දීය නිෂ්පාදකයා නොව, මෙරට බිත්තර හා කුකුල් මස් නිෂ්පාදකයා දිරි ගැන්වීමට රජය කටයුතු කළ යුතු බවත් උත්සව සමයේදී කුකුල් මස් මිල – සම සහිත ශීත කළ කුකුල් මස් රුපියල් 950 සිට ලබාගත හැකි බවද ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් අවධාරණය කළා.