25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකථානායකගෙන් තවත් පාර්ලිමේන්තු පත්කිරීම් කීපයක්

කථානායකගෙන් තවත් පාර්ලිමේන්තු පත්කිරීම් කීපයක්

ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරී‌මේ – සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස අංක 113 (2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන් වන මන්ත්‍රීන් අතිරේක සාමාජිකයන් වශයෙන් තමන් විසින් නම් කරන ලද බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

ඒ අද පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනි වර කියවීමේ සිව්වැනි දිනයේ විවාදයට එක්වෙමින්.

ඒ අනුව විදුර වික්‍රමනායක, අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සෙය්යිඩ් සාහීර් මවුලානා, බුද්ධික පතිරණ, නිමල් ලාන්සා, හෙක්ටර් අප්පුහාමි, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් උක්ත පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පත්කොට තිබෙනවා.

මේ අතර වරුණ ලියනගේ වෙනුවට සෙයිඩ් අලී සාහීර් මවුලානා පත් කිරීම පිළිබඳවද කතානායකවරයා යම් සඳහනක් කළා. ඒ වරුණ ලියනගේ සිය ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් හා ඒ වෙනුවෙන් පුරප්පාඩු වූ ධුරය වෙනුවෙන් නවකයෙක් පත් කිරීම සම්බන්ධවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 106 හි විධිවිධාන අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලී සාහීර් මවුලානා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව ද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.