28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාපු පිට්ටුව සිර වී තරුණයෙක් ජීවිතක්ෂයට

කාපු පිට්ටුව සිර වී තරුණයෙක් ජීවිතක්ෂයට

පිට්ටු කමින් සිටියදී එය සිරවීම හේතුවෙන් යාපනයේ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් බවයි පොලීසිය පවසන්නේ.

මියගිය තරුණයා නිවසේදී පිට්ටු ආහාරයට ගෙන සිටියදී ඔහුට එය සිර වී තිබේ. ඔහු මේ බව නිවැසියන්ට ප්‍රකාශ කිරීමෙන් පසු නිවැසියන් ඔහුට බීම සඳහා උණුවතුර ලබා දී තිබෙනවා.

ඉන් මිනිත්තු කිහිපයකට පසු තරුණයා සිහිසුන්ව ඇද වැටී ඇති අතර ඔහු රෝහල්ගත කර තිබේ.

වෛද්‍යාරු පවසා ඇත්තේ ඔහු රෝහලට රැගෙන එනවිටත් තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි.

පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තරුණයාගේ ශ්වසන මාර්ගයෙන් ආහාර සාම්පල හමුවී තිබේ.

ඒ අනුව තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඔහුගේ ශ්වසන පද්ධතියේ ආහාර සිරවීමෙන් බවයි වෛද්‍යවරු පවසන්නේ.