26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල්ගෙන් ජේ ෂාට ඇමතුමක්

ජනපති රනිල්ගෙන් ජේ ෂාට ඇමතුමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ දිනයේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අද (17) දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ක්‍රිකට් අර්බුදයෙන් එහාට ගිය ජාත්‍යන්තර දේශපාල අර්බුදයක් බවට පත්ව ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

ක්‍රිකට් තහනම දේශපාලන වශයෙන් වාසියක් කරගැනීමට උත්සාහ කිරීම ඊට හේතු වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනමට පාර්ලිමේන්තුව වගකීම ගතයුතු බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කර සිටියා.