― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදයාසිරිගේ ඉල්ලීම අධිකරණයේදී ප්‍රතික්ෂේප වෙයි

දයාසිරිගේ ඉල්ලීම අධිකරණයේදී ප්‍රතික්ෂේප වෙයි

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීම සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබෙන තීරණ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ ඉල්ලීම බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (17) ප්‍රතික්ෂේප කළා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්රෑන්ක් ගුණවර්ධන විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණ අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මූලින්ම කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

එම නඩු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය දයාසිරි ජයසේකර ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා. කොළඹ දිසා අධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් එබැවින් දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ වාරණ නියෝග තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ මෙම නඩු ගොනු කර තිබුණා.

මෙම නඩු විභාගයට ගත් අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු මහලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට පක්ෂ ව්‍යවස්ථාව යටතේ පක්ෂයේ සභාපතිවරයාට බලය තිබෙන බව සඳහන් කළා.

එසේම පෙත්සම්කාර දයාසිරි ජයසේකරගෙන් නිදහසට කරුණු විමසීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ අනුමැතියට යටත්ව සිදුකර ඇති බවත් එබැවින් එය නීත්‍යානුකූල බවටත් ඔහු තර්ක කර තිබුණා.

එබැවින් මෙම පෙත්සම තුල කිසිඳු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙස ද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.

එම කරුණු පිළිගත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුවට එළඹුණා.