26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිලධාරිනියකට හිටපු කෝප් ලොක්කෙක්ගෙන් ලිංගික හිංසන

නිලධාරිනියකට හිටපු කෝප් ලොක්කෙක්ගෙන් ලිංගික හිංසන

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් එහි නිලධාරිනියකට ලිංගික හිංසන සිදුකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද (17) පාර්ලිමේන්තුවේ දී අනාවරණයක් කළා.

මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් එම නිලධාරිනිය අදාළ අංශවලට පැමිණිලි කර ඇති බවයි.

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු එතන නිලධාරීතුමියකට ලිංගික වශයෙන් හිංසනයට ලක් කළා කියලා චෝදනාවක් තියෙනවා. එම නිලධාරිනිය මේ ගැන කාන්තා සංසදයේ සභාපතිනිය දැනුවත් කරලා තියෙනවා. මේ තරම් පහත් තැනකට ගිහිල්ලා තියෙද්දී තීන්දුවක් ගන්නෙ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ තියනවා. ඔබතුමාට 132 ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.